අලි හා ඉනොකි තරගය අතරතුර |
සටන් කරුවන් දෙදෙනා සටන් ආකාර දෙකක් නියෝජනය කරන හෙයින් මෙම විශේෂිත තරගය සඳහා තරග නීතිරීති වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවුනි. තරගය
පෙරතුව තිබූ මාධ්‍ය
සාකච්ඡාවකදි අලි විසින් ඉනොකිට "පෙලිකන්" යැයි උපහාසාත්මක වාග් ප්‍රහාරයක් එල්ල කොට
තිබිනි. ඊට හේතුව වූයේ ඉනොකිට දික්වූ පුළුල් නිකටක් පැවතීමයි . ඊට ප්‍රතිචාර
වශයෙන් ඉනොකි "ඔහේගේ මුෂ්ටිය මුලින්ම මගේ නිකටේ වැදිලා තුවාල නොවෙන්න ප්‍රවේසම් කරගන්නවා" යනුවෙන් පවසා තිබේ. සටන 1976 වසරේ ජුනි 26 වැනි දින ජපානයේ Nippon Budokan ගෘහස්ථ
ක්‍රීඩාංගණයේ පැවැත්විනි .ඉනොකි තරගය පුරා අලිගේ පාද ඉලක්ක කොට පහර දීම කැපී පෙනිනි.අලීට බොක්සිං තරගයක මෙන් වැරෙන් මුෂ්ටි ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව මෙයින් සීමා වුනි.ඉනොකිගේ පා පහර වලින් ගැලවෙන අතරතුර මුළු තරගය පුරා අලිට එල්ල කිරීමට හැකිවූයේ මුෂ්ටි ප්‍රහාර හයක් පමණි.
වට 15ක් පුරා ඇදී ගිය මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.මෙම තරගයේදී අලි ගේ පාදවලට ඉනොකි විසින් එල්ල කල පහර දීම් කිහිපයක් නිසා අලි ගේ පාදවල ලේ ගැලීම් සිදුවී තිබුනි.තරගයේ නීතීරීති වෙනස් වීම නිසා සටනේ
තරගකාරීත්වයට සිදුවූ බාධා නිසා තරගය ගැන ඊට පෙරසිට බලාපොරොත්තු වුනු අකාරයටම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සතුටු වී නැහැ.ඇතැම් විචාරකයන් පවසන පරිදි මෙම තරගය මොහොමඩ් අලි ගේ බොක්සිං ක්‍රීඩා අනාගතයට බෙහෙවින් නරක බලපෑමක් සිදුකර තිබේ.කෙසේ හෝ මෙම තරගයෙන් අනතුරුව අන්තෝනියෝ ඉනොකි සහ මොහොමඩ් අලි ඉතා කුළුපග මිතුරන් බවට පත්විය.
අලි විසින් ඉනොකි 1998 වසරේ මුණගැසුනු අවස්ථාව |
No comments:
Post a Comment